කොරෝනා වසංගතය හමුවේ මේ වනවිට බස්නාහිර පළාත හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක් නිරෝදායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් සංචරණ සීමා කලාප ලෙස නම් කර ඇත.

මෙම තත්වය තවදුරටත් වර්ධනය වී ලංකාවම ලොක් ඩවුන් තත්වයකට පත්වේද යන්න ගැන

සමාජයේ සැකයක් මතුව ඇත.

මේ සම්බන්ධයෙන් රජය වෙනුවෙන් අදහස් දැක්වූ බොහෝ අය තවමත් රෝගය 'සමාජගතවී' නැති බව දක්වමින් පාලනය කිරීමට හැකිය යන්න අවධාරණය කරන ලදි.

පසුගිය කාලයේ හිස්ව පැවති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධූරයට අලුතින් පත්වූ වෛද්‍ය අසේල ගුණවර්ධන මේ ගැන අදහස් දක්වා තිබේ.

රටම හුදකලා (Lockdown) කිරීමේ අවශ්‍යතාවක් මෙතෙක් ඇතිව නොමැති බව ඔහුගේද අදහසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ, අනවශ්‍ය සංචරණ සීමා කිරීම තුළින් නව කොරෝනා පොකුර තවදුරටත් පැතිරයාම පාලනය කර ගත හැකි බවයි.