ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ Kandy Tusker නමැති නුවර කණ්ඩායම ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්ගේ පවුල විසින් මිලදීගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙත ප්‍රකාශයක් කරන සල්මන්ගේ සොයුරු සොහයිල් කාන් කියා ඇත්තේ අප කණ්ඩායම සතුව විශාල ශක්තියක් ඇත යනුවෙනි. සල්මන්ගේ අනෙක් සොයුරු අබ්බාස්ද මෙම කටයුත්තට දායක වන අතර මෙම තරාගවලියේදී නුවර කණ්ඩායම ක්‍රීඩා කරන සියලුම තරග සඳහා සල්මාන් ඛාන් එක්වීමට නියමිත බවද පවුලේ උදවිය විසින් තහවුරු කර තිබේ.
සල්මන් කාන්ගේපියා සලීම්ට පුතුන් තිදෙනෙකු සිටින අතර මේ තිදෙනාම ක්‍රිකට් කෙරෙහි උනන්දුය.

එක්සත් අරාබි එමීර්හි පැවති විස්සයි 20 තරගාවලියේ  Celebrity Cricket League (CCL) කණ්ඩායමේ අයිතිය පැවතියේ මෙම පවුලේ අයටයි.

බටහිර ඉන්දීය සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල්, පාකිස්තාන ක්‍රීඩක වහම් රියාස්, එංගලන්ත ක්‍රීඩක ලියම් ප්ලන්කේට් මෙම කණ්ඩායමට ක්‍රීඩා කරයි. කුසල් ජනිත්, නුවන් ප්‍රදීප් හා කුසල් මෙන්ඩිස්ද මෙම කණ්ඩායමට ඇතුළත් වෙයි.

තරගාවලිය නොවැම්බර් 21 සිට ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ක්‍රීඩකයින්ගේ වෙන්දේසිය මේ සතියේ  සඳුදා පැවැත්විණි.