ශ්‍රී ලංකාවේ දී සිදුවූ 14වන කොවිඩ් මරණය මීට සුළු මොහොතකට පෙර අයිඩීඑච් රෝහලේදී වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. එසේ මියගොස් ඇත්තේ 50 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
ඇය කොළඹ IDH රෝහලේ කොරෝනා ප්‍රතිකාර ලබමින් දැඩි සත්කාර ඒකකයේ පසුගිය දිනවල සිටි අතර ප්‍රතිකාර ලබමින් සිටියදී ඇති වූ නිව්මෝනියා තත්ත්වයක් සහ හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති බව වෛද්‍යවරු දන්වා ඇත.
මෙම කාන්තාව කුලියාපිටිය ප්‍රදේශයේ කතෝලික නිකායේ මංගල උත්සවයට සහභාගීවූ තැනැත්තියක වූ අතර රෝගය දැනගෙන ඉතා කෙටි කාලයක් තුළ මරණයට පත්විය.

Comments
Post a Comment
Your comment will be visible after approval