
නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කරමින් කොළඹ නගරයේ ප්‍රසිද්ධ තරුපන්තියේ හෝටලයක් වන රමාදා හෝටලයේ අද (30) ප්‍රභූවරයෙකුගේ විවාහ මංගල උත්සවයක් පවත්වා තිබේ.
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සිදු වූ ප්‍රචාරයත් සමග විශේෂ පොලිස් කණ්ඩායමක් එම හෝටලය වෙත ගොස් පරික්ෂාකිරීමේදී නිරෝධායන රීතිවලට පටහැනිව විවාහ මංගල උත්සවයක් පවත්වන ආකාරයක් නිරීක්ෂණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
“කොල්ලුපිටිය පොලිස් වසමේ පිහිටා ඇති තරු පංතියේ හෝටලයක අද දින විවාහ මංගල උත්සවයක් පැවැත්වෙන බවට කොල්ලුපිටිය පොලිස් ස්ථානයට තොරතුරක් ලැබුණා. ඒ තොරතුර අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස්
ඒ සම්බන්ධව විශේෂ විමර්ශනයක් ආරම්භකරලා තියෙනවා. මේ සඳහා 35 දෙනෙකු පමණ සහභාගී වී ඇති බවට වාර්තා වෙනවා.
විශේෂයෙන්ම අපි ඊයේත් පෙරේදා දිනයේත් දැනුම්දුන්නා බස්නාහිර පළාත තුළ කිසිම ආකාරයක විවාහ මංගල උත්සව, මහජනයා රැස්වන උත්සව නොපැවැත්විය යුතු බවට. නමුත් එසේ සඳහන් කර තිබියදීත්, මේ ආකාරයට සෞඛ්‍ය අංශවල ඒ වාගේම පොලීසියේ උපදෙස් නොතකා විවහා මංගල උත්සව පැවැත්වීම ඉතාම කණගාටුදායක තත්වයක් වගේම නිරෝධායන නියෝගයකට පටහැනිව කටයුතු කිරීමක්.
කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ මූලිකත්වයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ විශේෂ නියෝගයක් පිට පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මෙම විවහා උත්සව සංවිධානය කරමින් කටයුතු කළ පුද්ගලයින්ටත් ඒ වාගේම ඊට සහභාගී වූ අයටත් එමෙන්ම එම හෝටලයේ කළමණාකාරීත්වයටත් එරෙහිව නිරෝධායන රීතින් යටතේ ඉදිරියේදී අපි කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.“ යයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ වරයා වැඩිදුරටත් පවසා සිටියි.

Comments
Post a Comment
Your comment will be visible after approval