අද (30) දිනයේ රිච්ටර් මාපක ඒකක 7.0 ක භුකම්පනයක් ඊගන් මුහුදේ ඇතිවීම නිසා යුරෝපය ආසන්න රටවල් කිහිපයකට බලපෑම් එල්ලවී ඇත.
තුර්කියට සහ ග්‍රිසියේ, සමොස් දුපතට මේ හේතුවෙන් සුළු සුනාමි තත්ත්වයක්ද ඇතිවූ බව පැවසේ. රාත්‍රී 12 වනවිට මියගිය ගණන 14 ක් බව
තුර්කියේ ගොඩනැගිලි 20ක් කඩා වැටී ඇති බවද 419 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ග්‍රීසියේ පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා ඇත. ඇතිවූ සුනාමි රළ පහරින් බේරිම සඳහා තුර්කියේ, ඉස්මීර් වෙරළ ආසන්න නගරයේ ජනතාව කඩා වැටුණු ගොඩනැගිලි වල සුන්බුන් මතට නැගී සිටින බවද වාර්තා විය.
භූකම්පනයේ ප්‍රබලත්වය ඇතෑන්ස්, උතුරු මැසිඩෝනියාව සහ බල්ගේරියාවට ද දැනුණ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.










Comments
Post a Comment
Your comment will be visible after approval