මහනුවර තල්වත්ත ප්‍රදේශයේ දී දින 23 ක බිලිඳකු විකිණීමට සූදානම් වූ බව කියන කාන්තාවක සහ ත්‍රීරෝද රථ රියැදුරකු අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කියයි. පොතුහැර ප්‍රදේශයේ සිට මහනුවර ප්‍රදේශයට මෙම බිලිඳා රැගෙන ආ බවට
පොතුහැර පොලිසිය මහනුවර මූලස්ථාන පොලිසියේ විශේෂ කාර්යංශයට ලබා දුන් තොරතුරක් මත මෙම ළමා ජාවාරම අනාවරණය කර ගැනීමට මහනුවර පොලිස් මූලස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් කණ්ඩායමකට හැකි වී තිබේ. සිද්ධියට අදාළ බිලිඳා මේ වන විට මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙන බව මහනුවර පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය.
-ජේ.එ.එල්.ජයසිංහ-

Comments
Post a Comment
Your comment will be visible after approval