කෝටිපති ව්‍යාපාරික කාන්තාවක පැද වූ සුඛෝපභෝගී මෝටර් රථයකට පොල්ගස්ඕවිට වෙල කුඹුර මාර්ගයේදී පැන ඇති ඇයගේ සැමියා යයි කියන අය පෙරේදා (21දා) අළුයම ජීවිතක්ෂයට පත්වූ සිද්ධියක් වාර්තාවී තිබුණි.
කෝටිපති ව්‍යාපාරික කාන්තාවක බව කියන මෙම කාන්තාව හා මියගිය පුද්ගලයා දෙන්නාම පෙර විවාහයක් තිබී ඒවා අත්හැර මීට වසර තුනකට පමණ ඉහත දී දෙවැනි කසාදයක් ලෙස නිත්‍යානුකූලව විවාහ ගිවිසගෙන තිබූ බව කියැවේ. කාන්තාවට පෙර විවාහයේ විවාහක දියණියකද සිටී.
කෙසේ වෙතත් දෙවැනි කසාදය සිදු කරගත් පසු එම පුද්ගලයා තදින්ම මත්කුඩුවලට ඇබ්බැහි වූවෙකු බව හඳුනාගැනීමෙන් පසු කාන්තාව ඔහු මගහැර තිබේ.
එම තැනැත්තා ව්‍යාපාරික කාන්තාවගේ මුදල් ඉල්ලා නිරතුරුවම ඇයට පහර දීම හේතුවෙන් පවුල් ආරවුල් කිහිපයක් සම්බන්ධයෙන්
20 වනදා සවස මියගිය පුද්ගලයා බිරිඳගෙන් මුදල් ඉල්ලා ඇය හා ආරවුල් ඇතිකරගත් අවස්ථාවක ඇය සැමියාව නිවසින් පිටතට දමා දොර වසා පාමංකඩ පෙර විවාහයේ වැඩිමල් දියණියගේ නිවසට ගොස් තිබේ. පසුව ඇය නැවතත් රාත්‍රී නිවසට පැමිණීමෙන් අනතුරුව මියගිය සැමියා ඇයට දුරකතනයෙන් බැණ වැදී ඇතැයි පැවසේ.
පසුව ඔහු නිවසේ ජනේලයක් කඩා නිවසට ඇතුළු වී ඇති අතර කරදරය නිසා කාන්තාව තම දියණියගේ සැමියා නිවසට ගෙන්වාගෙන ඔහු සමග අලුයම යළි දියණියගේ නිවස කරා මෝටර් රථය පදවා ගෙන යන අවස්ථාවේදී ඇය පදවා ගෙන ගිය බෙන්ස් වර්ගයේ රථයට පොල්ගස්ඕවිට වෙල කුඹුර මාර්ගයේදී එක්වරම පුද්ගලයෙකු කඩාපැන්න බව ඇය කට උත්තර දී ඇත.
මෙහිදී ව්‍යාපාරික කාන්තාව දැඩි ආයාසයක් දරා මෝටර් රථය විරුද්ධ දිසාවට හැරවීම හේතුවෙන් පැන්න පුද්ගලයා මගහැරී ඇත. අනතුරුව කාන්තාව නැවත නිවසට ගිය බවත් මෙහෙකාරියට පනිවිඩයක් ලබාදී නැවත පැමිණෙද්දී පෙරකී පුද්ගලයාම
අඳුරේ පැන්න පුද්ගලයා යටකරගෙන වාහනය මද දුරක් ධාවනය කළ බවත් පසුව සොයා බැලීමේදී ඒ ආකාරයට පැන ඇත්තේ තම සැමියා බව හඳුනාගෙන ඇති බවත් ඇය පවසා ඇත.
මියගිය පුද්ගලයා පොල්ගස්ඕවිට හන්දිය ආසන්නේ සැඟවී සිට එකවරම මෝටර් රථයට පැන තිබන බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.
මෙලෙස සිය දිවි නසාගෙන ඇත්තේ පොල්ගස්ඕවිට වෙල කුඹුර මාර්ගයේ පදිංචිව සිටි රිනොස් ඉඳුනිල් බණ්ඩාර (42) නැමැත්තෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් එම ව්‍යාපාරික කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ සිදුවේ.
තොරතුරු- බිමල් ශ්‍යාමන්

Comments
Post a Comment
Your comment will be visible after approval