කොරෝනා වසංගතය රටපුරා ව්‍යාප්ත වීමේ තත්වය හමුවේ නිලධාරින් රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් අනුගමනය කරන නොසැලකිලිමත්භාවය හේතුවෙන් සමස්ත රාජ්‍ය සේවකයන් අවදානම් තත්ත්වයකට මුහුණ දී සිටින බව සංවර්ධන නිලධාරි සේවා සංගමය සදහන් කරයි. කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සමග රාජ්‍ය සේවය
මේ හේතුවෙන් අත්‍යවශ්‍ය සේවාවන්වල යෙදෙන සංවර්ධන නිලධාරින් ඇතුලු රාජ්‍ය සේවකයන් කොරෝනා රෝගයට ගොදුරුවීමේ අවදානමක් පවතින බවද ඔහු පැවසිය. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සංවර්ධන නිලධාරින්ට මේ දක්වා ලැබී ඇත්තේ එක මුඛ ආවරණයක් පමණක් බවත් සඳහන් කරන ඒ මහතා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක දිස්ත්‍රික්කවල රාජ්‍ය සේවයේ යෙදෙන සංවර්ධන නිලධාරීන් ඇතුළු පිරිස් සඳහා රජය විධිමත් සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළක් හා විශේෂ සහත ක්‍රියාත්මක කළ යුතු යැයිද ඉල්ලීමක් කරනු ලබයි.
-නිමල කොඩිතුවක්කු-


