පානදුර ප්‍රධාන පෙළේ ඇගලුම් කම්හලක අංශ දෙකක් වසා දමා ඇතැයි පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා පවසයි.
ඇගලුම්හලේ එම ඒකක දෙකෙහි සේවය කරන සේවිකාවන් දෙදෙනකුගේ ස්වාමි පුරුෂයන් මාළු ව්‍යාපාරිකයන් බව අනාවරණය වී ඇතැයිද,
ඇගලුම්හලේ සේවිකාවන් දෙදෙනා නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇත.
මේ අතර පානදුර පොදු වෙළඳපොලේ මාළු වෙළඳසැල් පමණක් වසා තැබීමට තීරණය කළ බව පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා පවසයි.
පෑලියගොඩ මාළු තොග වෙළදපොළින් කොරෝනා ආසාදිත රෝගීන් අනාවරණය වීම හේතුවෙන්, පානදුර ව්‍යාපාරිකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙමින් මෙම පියවර ගත් බවද ඒ මහතා පැවසීය.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

Comments
Post a Comment
Your comment will be visible after approval