හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 50ක් ළග තබාගෙන සිටි බව  කියන හිමිනමක් පිළියන්දල පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් 25 දා රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.  අත්අඩංගුවට ගත් හිමි නම 19 හැවිරිදි වියේ  පසුවන අයෙකි.
මෙම සැකකාර හිමි නම දැඩි ලෙස හෙරොයින් මත්කුඩුවලට ඇබ්බැහි වී සිටින අයෙක් බව පරීක්ෂණවලින් පෙනී ගියේ යැයි පොලිසිය කියයි.

පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එල්.ආර්.එස්. රංජිත් මහතාට ලැබුණු තොරතුරක් මත වැටලීමක් සිදුකර චීවරධාරියා හෙරොයින් ද සමග සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මෙම ගල්කිස්ස කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත පිළියන්දල පොලිසිය සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ  පවත්වාගෙන යයි.