ලබන මස 03 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේත්තු සැසිවාරය ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට පාර්ලිමේත්තු සංකීර්ණයට පැමිණීමට ඉඩ ලබා නොදීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.

පාර්ලිමේත්තු වර්තාකරණයෙහි යෙදෙන මාධ්‍යවේදියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වීමත් සමග මෙම තීරණය ගෙන ඇත. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29දා) පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

පාර්ලිමේත්තු වාර්තාකරණයෙහි යෙදෙන සියලු මාධ්‍යවේදීන්ට නිරෝධායනය වන ලෙස දැනුවත් කරන්නැයි පාර්ලිමේන්තුව

විසින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර, මේ සම්බන්ධයෙන් සියලුම මාධ්‍ය ආයතන දැනුවත් කිරීම පිළිබඳවද පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා වී ඇත.

කොරෝනා ආසාදිතයකු හමුවීම සමග පාර්ලිමේන්තූවේ ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද යන්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසීමේදී හෙතෙම මෙසේ පැවසීය.

"මේ හේතුව නිසා ලබන 03දා මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තුව ආවරණයට අවස්ථාව ලබාදෙන්නේ නැහැ. මොකද මේ මාධ්‍යවේදියා පාර්ලිමේත්තු පැමිණ දින සිට 03වන විට දවස් 14ක සීමාවේ තිබෙන නිසා අනිකුත් මාධ්‍යවේදීන්ට එම කාලය තුළ නිරෝධායනයට ලක්වීමට අවස්ථාව තිබෙනවා.

ඒ නිසා පසුගිය 21, 22 දිනවල පාර්ලිමේන්තු පැමිණි මාධ්‍යවේදීන් ලැයිස්තුව අපි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාට යවන්න කටයුතු කරනවා.  ආසාදනය වුණ මේ මාධ්‍යවේදියා පාර්ලිමේන්තූව තුළ සේවකයන් මුණගසිලා නැහැ. ඒවගේම ඔහු නිතරම මුඛ ආවරණය පැලදගෙන සිටි බවට අපි තහවුරු කරගෙන තිබෙනවා. එය හොඳ දෙයක්. කොහොම වුණත් මොහු පෞද්ගලික රෝහලකින් පීසීආර් වාර්තාව ලබාගෙන තිබෙන්නේ. රජයේ රෝහලකින් පීසීආර් ආවාර්තාවක් ලබාගත් පසු හරියටම තත්වය දැනගන්නේ පුළුවන්. කොහොම වුණත් 03වෙනිදා සිට පාර්ලිමේන්තුවේ කටයුතු සිදුකරගෙන යනවා." යැයි සඳහන් කළේය.

(චාමර සම්පත්)