කුරුණෑගල මල්ලවපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශය ආශ්‍රිතව පවත්වාගෙන යන මාළු අලෙවිසල් කිහිපයක සේවකයන් අටදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරු වී තිබෙන බව කුරුණෑගල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යා වෛද්‍ය ඉන්දික පතිරාජ මහතා ප්‍රකාශ කළේය.
ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන බව ද වෛද්‍ය පතිරාජ මහතා සඳහන් කළේය. මෙම මල්ලවපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයට අයත් මල්ලවපිටිය, උයන්දන, යද්ගපිටිය, පිලිකඩ, පිලැස්ස, ඉඳුල්ගොඩකන්ද සහ මොරකැත්ත ප්‍රදේශවල පවත්වාගෙන යන මාළු අලෙවිසල්වල සේවකයින් මෙලෙස පී.සී.ආර්. පරිත්යණයට ලක් කර ඇත. මෙම මාළු අලෙවිසල් සඳහා අවශ්‍ය මාළු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙත් රැගෙනවිත් ඇති බව ද ඒ
හේතුවෙන් මෙම සේවකයන්ට තොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ද වෙස ඉදික පතිරාජ මහතා ප්‍රකාශ කළේය.
(පුෂ්පකුමාර ජයරත්න)

Comments
Post a Comment
Your comment will be visible after approval