පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොල ආශ්‍රිත කොරෝනා පොකුර තවදුරටත් වර්ධනය වී තිබේ.

ඒ අනුව; පානදුර කෙසෙල්වත්ත මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හුදෙකලා කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.


පානදුර නගර සීමා බල ප්‍රදේශයේ මාර්ග හයක පිහිටා තිබෙන ස්ථිර වෙළඳසැල් සහ තාවකාලිකව වෙළඳ කුටි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දැමීමට මේ මොහොතේ සිට පියවර ගත් බවක්ද පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා පැවසීය.