ඇලි පිඹුරෙකු ගලෙන්බිඳුණුවැව, දුටුවැව ප්‍රදේශයේදී සිය  භාරයට ගත් බව වනජීවී දෙපාර්තුමේන්තු නිලධාරීහු පවසති. සමෙහි වර්ණකය නොමැති තත්වයක් "ඇලි " (Albinism) ලෙස හදුන්වනු ලබන අතර මෙම පිඹුරාද එම තත්වයේ සතෙකු බව වනජීවී නිලධාරිහු සඳහන් කරති.


පිඹුරා මුදාගැනීමට අනුරාධපුර වනජීවී කලාප භාර සහකාර අධ්‍යක්ෂ සහන්ජිත් වේරගම මහතා ප්‍රමුඛ  ගනේපොළ සහ රිටිගල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය නිලධාරින් හා අනුරාධපුර වනජීවී පශු වෛද්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් විසින් පියවර ගෙන තිබිණි.  මෙම ඇලි පිඹුරා සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පරික්ෂා කිරීමට වනජීවී සංරක්ෂණ  දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


 -ශාන් හුලනුන්ගේ-