නිරෝධායන ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 221ක් ඊයේ (30) දින පොලිස් අත් අඩංගුවට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.


මේ දක්වා පුද්ගලයින් 1480ක් අත් අඩංගුවට පත්ව තිබෙන බව ඔහු සඳහන් කළේය.

වාහන 40ක් ඊයේ පොලිස් භාරයට පත්ව තිබේ. මේ දක්වා පොලිස්භාරයට පත්ව තිබෙන වාහන සංඛ්‍යාව 218කි.

එමෙන් ම පසුගිය දින 14 තුළ නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේ දී යම් සහනයක් ලබා දී තිබූ බවත් එම සහනය ඊයේ දින සිට ඉවත් කළ බවද ඒ අනුව නිරෝධායන නීතිය කඩ කළ,මුහුණ ආවරණ නොපැලදී, දුරස්ථභාවය පවත්වා නොගත් පුද්ගලයින් 39ක් ප්‍රථමවරට අත් අඩංගුවට පත් බවත් ඉදිරියට මේ නීතිය ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරය ප්‍රකාශ කළේය.

මින් ඉහත යටියන්තොට ප්‍රදේශයේ මුහුණු ආවරණ නොපැළඳි දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 8000 බැගින් දඩ මුදලක් අය කර තිබුණි.