
නවගමුව පොලිස් ස්ථානයේ සිර මැදිරියේ සිටි රැදවියෙකු හදිසියේ මියයාම ගැන පරීක්ෂනයක් ආරම්භ කර තිබේ.
අද(31) අලුයම 4.40 ට පමණ මෙලෙස මියගොස් ඇත්තේ හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 50ක් සමඟ ඊයේ අත්අඩංගුවට ගත් හංවැල්ල - ආටිගල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකු බව කියැවේ. ඔහු ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිාබන බව පෙනී ගියත් ඔහුගේ මරණය කෙසේ සිදුවිනිද යන්න ගැන සැක මතුවී ඇත.
මත්ද්‍රව්‍යවලට දැඩි සේ ඇබ්බැහිවී සිට ඇති මෙම පුද්ගලයාට එරෙහිව රන්මාල කොල්ලකෑමේ සිද්ධීන්
සම්බන්ධයෙන් සහ තියුණු ආයුධවලින් පුද්ගලයන්ට
කර ඇත.වරෙන්තු 4 ක් තිබූ මෙම සැකකරු යතුරු පැදිවලින් ගොස් මාල කොල්ලකා අවස්තා කිහිපයකදීම හසුවූ පුද්ගලයෙකි.
සිර මැදිරියේ ඔහු මරණයට පත්වන අවස්ථාවේ තවත් 4 දෙනෙකු සිට තිබේ. ඔහුගේ මරණය සම්බන්ධ පරීක්ෂණයක් පැවැත්වේ.
කඩුවෙල මහේස්ත්‍රාත් වරයා පොලිස් සිරමැදිරිය නිරීක්ෂණය කර ඇත.
අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක්ද පශ්චාත් පරීක්ෂණයක්ද පැවැත්වේ.
අද සවස වනවිට මරණය සිදුවූ ආකාරය ගැන නිගමනයක් ලබාගතහැකි යයි පොලිස් මාධ්‍ය ඒකකය දන්වා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval