
වීරකැටිය පොලිස් වසමේ මොරයාය ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් පාසල් සිසුවෙක් ඝාතනයට ලක්ව තිබේ.
ඊයේ (30) රාත්‍රී 7ට පමණ මෙය සිදුව ඇත.
ආරවුල දුරදිග යාමෙන් තියුණු ආයුධවලින් පහර දී ඇති අතර, ඉන් 6 දෙනෙක් තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී වයස අවුරුදු 17ක් වන මොරයාය, උතුරු වෑකඳවල ලිපිනයේ පදිංචි
මියගිය සිසුවාගේ පියා ද බරපතළ තත්ත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
මෘත ශරීරය පිළිබඳ මුලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (31) සිදුකිරීමට නියමිතය.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වීරකැටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි
Comments
Post a Comment
Your comment will be visible after approval