නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තු කාර්යාල පිවිසුමේ කොරෝනා ආසාදිතයන් වූ ආරක්ෂක නිලධාරීන් හතර දෙනෙක් හා අමාත්‍යශ රියැදුරෙක් පූනානි නිරෝධායන කඳවුරට යවනු ලැබ සිටිති.  කම්කරු මහ ලේකම් කාර්යාලය

ගොඩනැගිල්ලේ බිම් මහලේ පිහිටි ආපන ශාලා හිමිකරු පසුගියදා පෑලියගොඩ මාළු වෙළෙඳසලට ගොස් මාළු ගෙනැවිත් ඇති බැවින් ඔහුගෙන් මෙම පිරිසට රෝගය ආසාදනය වන්නට ඇතැයි සැක කෙරේ.

ආපන ශාලා හිමියා පී.සී.ආර්. පරික්ෂණයට ලක්කළ අවස්ථාවේ ඔහු ආසාදිත නැතැයි හෙළිවී ඇතත්, ඔහුගේ සමීපතම තැනැත්තන් ලෙස මෙම පිරිස පරීක්ෂණයට ලක් කිරීමේදී ඔවුන් ආසාදනයට ලක්ව ඇතැයි හෙළිවූ බව කම්කරු

දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්  පැවැසීය.

මේ අනුව ආසාදිතයන්ගේ සමීපතමයින් ද පී.සී.ආර්. පරික්ෂණවලට යොමු කළ බවත්, මත්ස්‍ය වෙළෙඳපොළට ගිය බැවින් පළමුවෙන් පරික්ෂාවට ලක් කළ තැනැත්තා ද යළි පරික්ෂාවට ලක්කළ බව හෙතෙම කියා සිටියේය.   බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් මේ වනවිට මහලේකම් කාර්යාල ගොඩනැගිල්ල වසා ඇති බවත් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යවා ඇති. සාම්පල පිළිබඳ වාරිතා ලැබුණු පසු එම ගොඩනැගිල්ල තවදුරටත් වසා දමන්නේ ද නැද්ද යන්න ගැන තීරණයකට එළැඹෙන බවත් ඔහු සඳහන් කළේය. මේ අතර අර්ථසාධක අරමුදල් ලබාගැනීමට අයැදුම් කිරීම ඇතුළු කටයුතු සඳහා ආසත්තතම ප්‍රාදේශීය කාර්යාලය අමතා වේලාවක් වෙන් කර ගන්නා ලෙසද හෙතෙම ඉල්ලා සිටියේය.

(විනීතා එම්. ගමගේ)