දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ දඹුලු ඔය හන්දිය ප්‍රදේශයේදී චූන් පාන් ත්‍රීරෝද රථයක් හප්පා පළාගිය කැබ් රථයක් පොලිසිය මගින් ලුහුබැඳ අල්ලාගත් සිදුවීමක් ඊයේ වාර්තා විය.
චූන් පාන් රථයේ රියදුරු මෙම අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර තිබෙන අතර ඔහුගේ වාහනය පෙරළී යාමෙන් පසු බේකරි නිෂ්පාදන සියල්ල හැමතැනම විසිරී විනාශයට පත්විය.
අනතුර සිදු කර පලාගිය කැබ් රථය අනතුරවූ ස්තානයෙන් කිලෝමිටර 3 ක පමණ දුරකදී අල්ලාගැනීමට පොලිසිය සමත් විය.
මෙම රථය පදවාගෙන ගොස් ඇත්තේ දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ ඉදිකිරීම් කරන කොන්ත්‍රාත් සමාගමක ව්‍යාපෘති කළමනාකරු ලෙස හඳුනාගන්නට ලැබී තිබේ. ඔහු රථය පදවා ඇත්තේ අධික බීමතින් බව තහවුරුවී ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval