පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළින් වෙළෙඳාම සඳහා මසුන් ගෙන ඒමට ගිය මීරිගම ප්‍රදේශයේ වෙළෙඳුන් දෙදෙනෙකු කෝවිඩ් ආසාදිතයන් බව හෙළි වී ඇතැයි මීරිගම සෞඛ්‍ය වෙද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
අසනීප තත්වයන්ට ප්‍රතිකාර ලබා ගැනීමට ගිය අවස්ථාවේ සිදු කෙරුණු පී.සී. ආර්. පරීක්‍ෂණයන්හිදී මේ බව අනාවරණය වීමෙන් පසු ඔවුන් රෝහල්ගත කර ඇත.
මේ අතර පෑලියගොඩ මාළු වෙළෙඳ පොළට ගිය මීරිගම ප්‍රදේශයේ වෙළෙඳුන් 121දෙනෙකු පෙරේදා (24දා) මීරිගම බස් නැවතුම්පොළ පරිශ්‍රයේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීම මත පී.සී.ආර්. පර්ෂක්‍ෂණයන්ට ලක් කරනු ලැබීය. ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්‍ෂණ වාර්තා ලැබෙන තුරු නිවෙස්වල නිරෝධායනය වීමට උපදෙස් දී ඇත.
- මීරිගම කාන්ති -

Comments
Post a Comment
Your comment will be visible after approval