පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මාළු රැගෙන විත් පිළියන්දල ආටිගල පාරේ සහ කොලමුන්න ප්‍රදේශයේ යතුරුපැදියක යමින් මාළු වෙළෙඳාම් කළ පුද්ගලයෙකුටද කෝවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.ඒ අනුව ආසාදිතයා ගිය බව කියන පිළියන්දල නගර මධ්‍යයේ ජංගම දුරකථන අලෙවි මධ්‍යස්ථානයකට මුද්‍රා තැබීමට පියවරගත් බවද පැවසෙයි.
මෙම පුද්ගලයා පිළියන්දල ආටිගල පාරේ සහ කොලමුන්න ප්‍රදේශයේ යතුරුපැදියක යමින් දිනපතා මාළු වෙළෙඳාම් කර ඇති අතර, පසුගිය දින කිහිපය තුළදී ඔහුගේ මාළු මිලදීගත් යම් අයෙකු වෙතොත් වහාම පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය දැනුවත් කරන ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර ආසාදිතයාගේ ආශ්‍රිතයන් 25දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට ලක් කර ඇති අතර, ඔවුන් හෙට (27දා) පී.සී.ආර්. පරික්ෂණයට ලක් කිරීමට නියමිතය.
- ශාන්ත ප්‍රදීප් කුමාර -

Comments
Post a Comment
Your comment will be visible after approval