මතුගම සුඛෝපභෝගී බස් කොරෝනා පොකුරේ ආසාදිතයන් අතරට මතුගම, ඕවිටිගල විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ඇතුළු පස් නමකද අයත් බව මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක ජී.ඩී. ලයනල් මහතා පැවැසීය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන සුඛෝපභෝගී බස් රථයක හීමිකරු, රියැදුරු, කොන්දොස්තර සහ පැලවත්ත ප්‍රදේශයේ පදිංචි ජාතික රෝහලේ සේවය කරන හෙදියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මුලින්ම හෙළිවීමත් සමඟ එම පිරිසගේ ආශ්‍රිතයගේ පී.සී.ආර්. පරික්ෂණ
මතුගම ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයන් 17 අතර මතුගම, ඕවිටිගල විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් සහ එම පිරිවෙන් විහාරස්ථානයේ වැඩවසන කුඩා හිමිවරුන් 4 නමකට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී ඇත. මෙම හිමිවරුන් ඉහත සුඛෝපභෝගී බස් රථයෙන් අනුරාධපුර ප්‍රදේශයේ වන්දනා චාරිකාවක නිරත වී ඇති අතර පසුගිය 16 වැනිදා ඕවිටිගල විහාරස්ථානයේදී සිදුකළ පී.සී.ආර්. පරික්ෂණවලින් ආසාදිතයන් බවට හෙළිවී ඇත.
- බන්දු තඹවිට -

Comments
Post a Comment
Your comment will be visible after approval