අද (20) උදෑසන මාලිගාවත්තේදී ඝාතනයට ලක්වූ මාකඳුරේ මදුෂ් විවාහ දෙකක් කරගත් අයෙකු බව ප්‍රකටය. ඔහු මාතර මාකඳුරේ නිවසේ බිරිය ගයනි මුතුමාලි අතහැර විදෙස් ගතවූ පසුව ඩුබායිහිදී ජීවත්වූයේ කළුතුෂාර නමැති පාතාල නායකගේ වැන්දඹු බිරිය වූ දිලිනි නමැත්තිය සමගිනි. 

පළමු විවාහයෙන් මෙන්ම එම දෙවන විවාහයෙන්ද මදුෂ්ට දරුවන් සිටි අතර පසුගිය කාලයේ මදුෂ් අත්අඩංගුවට පත්වූ පසුව එම අය ගැන විවිධ කතා ආරංචි විය. 

ඩුබායිහිදී මදුෂ් හසුවූයේද දෙවන බිරියට ලැබුණ දරුවාගේ උපන්දිනය අවස්තාවකය.

මදුෂ් අද උදෑසන ඝාතනය වූ පසුව එම මළ සිරුර පවුලේ අයෙකු විසින් හඳුනාගැනීමට අවශ්‍ය වූ අතර එම අවස්ථාවේ එහි පැමිණියේ ගයානි මුතුමාලි නමැති මදුෂ්ගේ මුල් විවාහක බිරියයි. ඇය තම සැමියාගේ මෘත දේහය බවට එම දේහය හඳුනාගැන්මෙන් පසු මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්විණි.

කෙසේ වෙතත් පශ්චාත් මරණ පරීක්ෂණය

සිදුවන අවස්ථාවේ මදුෂ්ගේ දෙවන බිරිය දිලිනිද එම ස්ථානයට පැමිණි බව වාර්තාවේ. ඇයද මළ සිරුරට අයිතිවාසිකම් කියමින් කතාබස් කර ඇති අතර සිරුර ඥාතීන්ට භාර දීමට මරණ පරීක්ෂකට අවස්ථාව පැමිණියත් ගැටලුකාරී තත්වයක් පැවති නිසා එය උසාවියෙන් විසඳාගන්නැයි පවසන්නට සිදුව ඇත.

ඒ අනුව අධිකරණයට කරුණුවාර්තා කරන ලද අතර කොළඹ අලුත්කඩේ අංක 4 අධිකරණයේ මහේස්ත්‍රාත්තුමිය 

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මාකඳුරේ මධූෂ්ගේ දේහය ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට දෙන ලෙස අධිකරණයෙන් නියෝග කර තිබෙයි. පළමු බිරිය වන ගයානි මුතුමාලි සමග නීත්‍යානුකූලව මදුෂ් විවාහවී සිට නමුත් දෙවන බිරිය දිලිනි සමග මදුෂ් විවාහ ලියාපදිංචියක් සිදුකරගෙන නැත. ඒ අනුව මාකඳුරේ මධූෂ්ගේ දේහය ඔහුගේ මුල් බිරියට හිමිව ඇත. මදුෂ්ගේ අවසන් කටයුතු ඒ අනුව ඇය නැවතී සිටින මහරගමදී සිදු කරනු ඇත.