කුරුණෑගල කුලියාපිටිය හා ආශ්‍රිත ප්‍රදේශ 5 කට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ. මෙයට ආසන්නතම හේතුව වී ඇත්තේ සංචරන සීමා පවා පනවා තිබියදී කුලියාපිටියේ එක්තරා ආගමික නිකායක පල්ලියක දේවමෙහෙයක් සඳහා සහභාගී වූ බව කියන පිරිසකගේ පී.සී.ආර්. පරීක්‍ෂණ ප්‍රතිඵලවලට අනුව ඊට සහභාගී වූ තවත් 14 කට කොවිඩ් වෛරසය ආසාදිත වී ඇතැයි
ඊයේ වාර්තාවීම නිසාය.කුලියාපිටියේ පිහිටි දේවස්ථානයක පසුගිය දෙවැනිදා පැවැති මංගල උත්සවයකට මෙම පිරිස සහභාගී වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.එහි මනාල මහතාට ඇතුළු සිව් දෙනෙකුට පසුගිය 12වැනි දා වෛසරය ආසාදනය වී තිබුණි.

මෙම පොකුරට අදාළව පසුව වෛරස ආසාදිතයන් 11 දෙනකු හමුවීමත් සමගින් ගම්මාන 04 ක් ලොක් ඩවුන් කිරීමට පියවර ගෙන තිබූ අතර ගයියාල , ඌරුපිටිය, ඇන්නරුව සහා පල්ලේවල යන ගම්මාන 04ට මෙලෙස සංචරණ සීමා පනවන ලදි.

මීට ඉහත කොරෝනා ආසාදනය වූ කාන්තාවක් රෝහලින් හඳුනා ගැනීමත් සමග කුලියාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 14 දෙනෙකු ඇතුළු කාර්යය මණ්ඩලය 53 ක් නිරෝධායනයට යොමු කර තිබුණි.