කුලියාපිටිය ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගි වූ පන්නිපිටිය රත්මල්ගොඩ ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා වෛරසය ශරීරගත වීමෙන් ඇය අද (20) මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඉන්දික එල්ලාවල මහතා පැවසීය. 

 ඉකුත් 2 වෙනි දින එම කාන්තාව ඇයගේ ස්වාමි පුරුෂයා සමඟ කුලියාපිටිය ප්‍රදේශයේ පැවති මංගල සාදයකට සහභාගි වී ඇති අතර 9 වෙනි දින ඇයට අසනීප තත්ත්වයක් හටගෙන තිබූ බව සෞඛ්‍ය නිලධාරි කියයි


 කුලියාපිටියේ මනමාල මහතාට කොරොනා වෛරසය ශරීරගත වී ඇති බවට ඉකුත් 12 වන දින එම කාන්තාවට හා ස්වාමිපුරුෂයා ට දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව ඔහු න් විසින් ඊට පසු දින (13) පි සි ආර් පරීක්ෂණයකට භාජන වී තිබූ බව වෛද්‍ය වරයා කීය . එම කාන්තාවට පමණක් වෛරසය ශරීරගත වී ඇති බවට අද (20) පෙරවරුවේ ලද වෛද්‍ය වාර්තාවෙන් අනාවරණය වූ බවත් නිවසේ සෙසු සාමාජිකයන් නිවස තුළම ස්වයං නිරෝධායනය ට ලක් කිරීමට පියවර ගත් බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය