ක්වේටයේ සිල්ලර සහ සුපිරි වෙළෙඳ සැල් තුළ අලෙවියට තබා තිබූ ප්‍රංශ නිෂ්පාදන ඉවත් කිරීමට ඒවායේ බලධාරීන් කටයුතු යොදා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මුස්ලිම් ආගමිකයන් සම්බන්ධයෙන් ප්‍රංශ ජනපතිවරයා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ඔවුන් මෙම තීරණය ගෙන ඇත.ඒ අනුව ක්වේටයේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන එකමුතුවක් වන පාරිභෝගික සහයෝගීතාව සමාජය මගින් තමන්ගේ සාමාජික අලෙවි සැල් 70ක් වෙත මෙලෙස ප්‍රංශ නිෂ්පාදන වර්ජනය කිරීමේ උපදෙස් ලබාදී ඇත. ඊට අදාළ නිවේදනය පසුගිය 23දා නිකුත් කෙරී ඇත. මෙම පසුගිය සතියේදී ප්‍රංශයේ සිදුවුණු ඉතිහාස ගුරුවරයෙකු
ගෙල සිඳ ඝාතනය කිරීම සඳහා එරට සිටින සංක්‍රමණික මුස්ලිම් ජාතිකයෙකු සම්බන්ධ බවට අනාවරණය වීමෙන් අනතුරුව සහ මුස්ලිම් ආගමිකයන් සම්බන්ධයෙන් ප්‍රංශ ජනපතිවරයා ඉතාමත් අසාධාරණ ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ල වී තිබේ. 

ප්‍රංශයේ පුවත්පතක පළ වූ මුහම්මද්තුමන්ගේ කාටුනයක් මෙම ඝාතනයට හේතු විය. එය මුහමද්තුමන්ට අපහාසයක් බව මුස්ලිම් ලෝකයේ අදහස වී තිබේ. කෙසේ වෙතත් මෙම කාටුනය සම්බන්ධයෙන් තමන් කිසිදු චෝදනාවක් සිදු නොකරන බවත්, තමන් සැමවිටම මුස්ලිම් ජනතාවගේ පැත්තේ නොව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් පෙනී සිටින බවත් ප්‍රංශ ජනපතිවරයා පවසා තිබුණි.