කළුතර දිස්ත්‍රික්කයේ (ඊයේ 19) දහවල් වන විට කොරෝනා රෝගීන් 45 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් පී.සී.ආර්. පරීක්ෂණ රැසක ප්‍රතිඵල ලැබෙමින් පවතින අතර ඒවා අනුව රෝගීන් සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් කළුතර දිස්ත්‍රික් කොරෝනා රෝග පාලනය පිළිබඳ සම්බන්ධීකරණ රැස්වීමේ දී අනාවරණය විය.
වරාය හා නාවුක කටයුතු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර දිසා ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී මෙම රැස්වීම පැවැත්විණි. මතුගමින් රෝගීන් 26 ක් හොරණින් 08 ක් පානදුරෙන් 03 ක් අගලවත්තෙන් 03 ක් බණ්ඩාරගමින් 01 ක් මිල්ලනියෙන් 01 ක් වලල්ලාවිටින් 01 ක් මදුරාවලින් 01 ක් හා ඉංගිරියෙන් 01 ක් වශයෙන් මෙම රෝගීන් වාර්තා වී ඇති බව කළුතර දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් ලියනගේ මහතා එහිදී පැවසීය.
මේ අතර රෝගීන් වැඩි වුවහොත් ඉංගිරිය රෝහලේ රෝගීන් 40 දෙනෙකුට ද පිඹුර රෝහලේ රෝගීන් 60 දෙනෙකුට ද ඉත්තෑපාන රෝහලේ රෝගීන් 40 දෙනෙකුට ද බණ්ඩාරගම රෝහලේ රෝගීන් 50 දෙනකුට හා මතුගම රෝහලේ රෝගීන් 40 දෙනෙකුට ද පහසුකම් සුදානම් කර ඇතැයි කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා මෙහිදී පැවසීය.
කළුතර දිස්ත්‍රික්කයේ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ඒමට දින 3-4 ක කාලයක් ගත වන බැවින් කළුතර දිස්ත්‍රික්කය සඳහා පී.සී.ආර්. පරික්ෂණ යන්ත්‍රයක් ලබා දීමට කටයුතු කරන ලෙස ද කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා ඉල්ලා සිටි අතර එම ඉල්ලීම කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා කීය.
දැනට වසා දමා ඇති ඕවිටිගල බදුගම යන ගම්මානවල ගර්භනී මාතාවන් 53 දෙනකු හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට පහසුකම් සැලසීමට කළුතර නාගොඩ මහ රෝහල සූදානම් කර ඇති බවත් වෛද්‍ය උදය රත්නායක මහතා කීය.
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත හා කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස යන මහත්වරුන් ප්‍රමුඛ සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් ද කළුතර දිස්ත්‍රික් කොවිඩ් සම්බන්ධීකරණ වෛද්‍ය තුෂාර වාස් ගුණවර්ධන මහතා ද සෞඛ්‍ය නිලධාරීන් ත්‍රිවිධ හමුදා නිලධාරිහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
- සුනිල් එස් තන්ත්‍රීආරච්චි -

Comments
Post a Comment
Your comment will be visible after approval