අද උදෑසන පොලිස් වෙඩි පහරින් මරණයට පත්වූ පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ දේහය සිද්ධිය සිදුවූ මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයට ආ
අනතුරුව දේහය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරන ලද අතර ඒ සඳහා කොළඹ අලුත්කඩේ අංක 4 අධිකරණයේ මහේස්ත්‍රාත්තුමිය එම ස්ථානයට පැමිණ ඇත.
අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන්නට නියමිතය. එයින් පසු සිරුර ඥාතින්ට භාරදීමට නියමිත බවද වාර්තා විය.
සිද්ධියෙන් තුවාල ලද පොලිස් නිලධාරීන් දෙන්නා තවම ප්‍රතිකාර ලබමින් රෝහල්ගතව සිටින බව පොලිසිය සඳහන් කරයි.
ස්ථානයේ වැටී තිබුණ යතුරු පැදිය ගැන හා සිදුවීම ගැන වෙනම පරීක්ෂණයක් සිදු කරන බවද පොලිසිය දන්වා සිටී.

Comments
Post a Comment
Your comment will be visible after approval