2010 වසරේදී කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා කාන්තාවන් පස්දෙනෙකු රඳවා ගැනීම සහ ඔවුන් කූට්ටනය කිරීම ඇතුළු චෝදනා පහක් යටතේ එකල මාධ්‍ය තුළ බෙහෙවින් ප්‍රකටවූ 'ජිනා මැඩම්' නමැති ගණිකා කළමනාකාරිනි විත්තිකාරියට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබූ අතර අද දින
ඇයට මෙම වරද සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු
ඇය ගණිකාවන් බවට පත් කිරීම සදහා කාන්තාවන් පස්දෙනෙකු රදවාගෙන සිටීමේ චෝදනාවට වරද පිළිගත්තාය.
‘ජිනා මැඩම්’ විත්තිකාරියට බරපතල වැඩ සහිත වසර 02ක සිරදඩුවමක් නියම කොට එය වසර 10 ක කාලයකට අත්හිටුවීමට නියම කළ විනිසුරුවරයා එම වසර 10ක කාලය තුළ මෙවැනි ආකාරයේ වරදක් කරනු ලැබුවහොත්
මෙම වසර 02ක බරපතල වැඩ සහිත සිරදඩුවම ක‍්‍රියාත්මක කිරීමටද නියම කළේය.
චෝදනාවට වරද පිළිගැනීම නිසා මෙලෙස දඩුවම් නියම වුයේ රෝස්මෙරි ජූඩ් ෆිලීෂියා පෙරේරා හෙවත් ජිනා මැඩම් නැමැත්තියයි.

Comments
Post a Comment
Your comment will be visible after approval