පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන මුවාවෙන් ස්වර්ණාභරණ කොල්ලකෑමේ සිද්ධියක් මහව පොලිස් වසමේ,

කැත්තපහුව ප්‍රදේශයෙන් වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ඊයේ (29) 3.30ට පමණ

පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන මුවාවෙන් නිවසකට පැමිණි පුද්ගලයින් 3 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්

ඔවුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යැයි පවසා යම් පෙත්තක් පානය සඳහා ලබා දී මෙම කොල්ලකෑම

සිදුකර ඇති බවය.

එම පෙත්ත පානය කිරිමෙන් පසුව සිදුවූ කිසිවක් නිවැසියන් නොදන්නා බවත් අද (30) උදෑසන අවදී වී


බලන විට නිවසේ තිබුණු පවුම් තුනහාමාරක පමණ ස්වර්ණාභරණ රැගෙන ගොස් ඇති බවත් සැලවී ඇත. 

කෙසේවෙතත්, මේ පිළිබඳ ප්‍රදේශය භාර සෞඛ්‍ය අංශ දැනුවත් කර තොරතුරු විමසීමේදී ඔවුන් පවසා

ඇත්තේ පී.සී.ආර්. පරීක්ෂණ ලබා ගන්නා අවස්ථාවේදී කිසිදු පෙති වර්ගයක් පානය කිරිමට ලබා නොදෙන බවය.

මේ පිළිබඳ කරුණු සොය බැලීමේදී මෙය කොල්ලකෑමක් බවට තහවුරු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක

අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලිසි විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.