වාලම්පුරියක් ඇතුළු ඉපැරණි මුඳල් කාසි, ඉපැරණි ඉලෙක්ට්‍රොනික් උපකරණ, ඉපැරණි පිළිම මිල දී ගැනීමට පැමිණියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිතාවක පුර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු බව කියන පුද්ගලයකු ඇතුළු තවත් තිදෙනෙක් හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් පෙරේදා (21) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් ප්‍රදේශයට පැමිණ
සැකකරුවන් අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේ දී ඔවුගේ ජංගම දුරකතනයේ වට්ස් ඇප් සමාජ මාධ්‍යය හරහා එම ඉපැරණි භාණ්ඩවල ඡායාරූප හුවමාරු වී ඇති බවත්, එම භාණ්ඩ සඳහා විශාල වටිනාකමක් ඇති බවට එම සැකකරුවන්ගේ දුරකථනවල වට්ස්ඇප් සමාජ මාධ්‍යය ඔස්සේ හුවමාරු වී ඇති බව හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් කරන ලද මූලික විමර්ශනවල දී අනාවරණය වූ බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් තොරතුරු වසන් කරන බවත් එම සැකකරුවන් අවිස්සාවේල්ල, හපුතලේ, ඔහිය, වටවල යන ප්‍රදේශවල පදිංචි 25, 26, 27, 48 යන වයස් කාණ්ඩවල පසුවන අය බවත් හැටන් පොලිසිය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.


