3.40pm update
කොස්ගම ප්‍රාදේශීය රෝහලෙන් පලා ගිය කොවිඩ් ආසාදිත තරුණයා ආ ගිය තැන් පිලිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
ඔහු අද අලුයම රෝහලෙන් පිට වී කොළඹ අවිස්සාවේල්ල මාර්ගයට පැමිණ ඇත.
දුර ගමන් බසයක නැගී ඔහු ඔරුගොඩවත්ත බලා පැමිණ ඇති අතර ඉන් පසුව පා ගමනින් සිය නිවෙස පිහිටි සේදවත්තට පැමිණ ඇත.
මීට අමතරව ඔහු පාපැදියකින් බොරැල්ල සහස් පුරයට පැමින ඇති බව වාර්තා වේ.
අදාළ තරුණයා සොයාගනු ලැබුවේ එම සහස්පුර නිවාස සංකීර්ණයේ 13වන මහලේ සිටියදීයි.
1.40pm update
කොස්ගම සාලාව රජයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළාගිය කොරෝනා ආසාදිත පුද්ගලයා බොරැල්ලේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.
ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
11.16am update
කෝවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර සිදුකරනු ලබන කොස්ගම රෝහලට ඇතුලත් කරනු ලැබූ 26 හැවිරිදි කොරෝනා වෛරසය ආසාදනය වූ තරුණයෙකු එම රෝහලෙන් පැන ගොස් ඇති බව
කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි. ඔහුගේ ලිපිනය සීතාවක වත්ත නව කැළණිපාර සේදවත්ත වන අතර සොයාගැනීමට අවශ්‍ය නිසා ඔහුගේ ඡායාරූපයක් ප්‍රසිද්ධ කර තිබේ.
ඔහු අද උදෑසන 6.00 ට පමණ මෙලෙස පැනගොස් ඇතැයි වාර්තා වේ.

Comments
Post a Comment
Your comment will be visible after approval