කොරෝනා ආසාදිතයන් සඳහා හික්කඩුව ආරච්චිකන්ද රෝහලට අමතරව අම්බලන්ගොඩ සහ කරන්දෙණිය රෝහල්වලද වාට්ටු ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසිය.

දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ

මිනුවන්ගොඩ කොරෝනා පොකුර ඇතිවීමෙන් පසු මේ දක්වා ගාල්ල දිස්ත්‍රික්කයේ අතර  පුද්ගලයින් 4,837කගේ පී.සී.ආර්. පරික්ෂණ සිදු කර ඇති අතර එයින් ආසාදිතයින් 54ක් හඳුනාගෙන ඇති බවය.

කොරෝනා රෝගින් සඳහා දැනට ගාල්ල දිස්ත්‍රික්කයේ රෝහලක් නොමැති නිසා එම පිරිස ප්‍රතිකාර සඳහා ඉරණවිල,හම්බන්තොට,අයි.ඩී.එච්.රෝහල්වෙත යවා ඇති බවද තවත් 1,277ක් නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවද පැවසු දිස්ත්‍රික් ලේකම්වරයා කියාසිටියේ මේ වනවිට දිස්ත්‍රික්කයේ නිරෝධායන මධ්‍යස්ථාන 12ක 662ක් නිරෝධායනය වෙමින් සිටින බවය.