යටියන්තොට නගරයේ මුහුණු ආවරණ රහිතව වෙළෙඳ සල් අසළ ගැවසුණ බවට චෝදනා ලද දෙන්නෙකුට රු 8000 බැගින් දඩ ගෙවන ලෙස රුවන්වැල්ල මහේස්ත්‍රාත් ඩීඑම් කොඩිතුවක්කු මහත්මිය නියෝග කර තිබේ.
නව සෞඛ්‍ය නීති ඇතුළත් ගැසට් පත්‍රය අනුව මහජන ආරක්ෂාව සඳහා මොවුන්ට විරුද්ධව නඩු පැවරූ බව යටියන්තොට මහජන සෞඛ්‍ය පරීක්ෂක තිලක් කුමාර මහතා පවසා තිබේ.
කොරෝනා ආසාදිතයෙකු පැමිණීම හේතුවෙන් යටියන්තොට සතිපොළ හා වෙළෙඳසල් කිහිපයක් මේ වනවිට වසා ඇති අතර පවතින අනාරක්ෂිත තත්වය ගණනකට නොගෙන හැසිරුණ අය වෙනුවෙන් මෙම පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දන්වා ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval