අද උදෑසන ස්වර්ණවාහිනී නාලිකාව ඇමතූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කර සිටියේ කොරෝනා රෝග තත්වය තවම සමාජ ගතවී නැති බවයි. සමාජ ගතවීම යනු රෝගය ආ හැටි අගමුල සොයාගැනීම දුෂ්කර අවස්ථාව බව නිර්වචනය කරන ඔහු එම තත්වය භායානක බවත් ලංකාවේ එවැනි තත්වයක් තවම ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය තමන්ට දන්වා නැති බවයි. කෙසේ වෙතත් ඉදිරි සති 2 පරිස්සම් වන ලෙස ඔහු අවවාද කළේය.