[Trending][btop]
[News][stack]

ධනංජය ද සිල්වාට මැණික් කටුවේ සැත්කමක්


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා ඊයේ (18) ඔහුගේ මැණික් කටුවෙහි සුළු සැත්කමක් සාර්ථකව සිදු කළේය.


ධනංජය පසුගිය වසරේ සිට සුළු තුවාල ලබා ඇති නමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් දිගටම ක්‍රීඩා කළේය.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සියලුම ශ්‍රී ලංකා සංචාර කල්දැමීම නිසා ඔහුගේ ශල්‍යකර්මයකට අවකාශ සැලසිණි.

ඔහුට කළේ සුළු සැත්කමක් බවත්  සතියකින් ක්‍රීඩා කිරීමට හැකි  යැයි වෛද්‍ය උපදෙස් ලබාදී ඇතැයි වාර්තාවේ.