පාතාල නායක මාකඳුරේ මදුෂ් අද උදෑසන ඝාතනයට ලක්වී ඇති බව පොලිසිය දන්වා සිටී.

අලුයම් කාලයේදී කොළඹ අපරාධ කොට්ටශයේ නිලධාරීන් සමඟ ඇති වූ වෙඩි හුවමාරුවක දී එම ඝාතනය සිදුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විස්තර කළේය.

මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ  ඇපල්වත්ත ලක්ෂිත සෙවන යන ස්ථානයේ සඟවා තිබු හෙරොයින් තොගයක් සොයා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් විසින් මාකදුරේ මධුෂ්වද කැටිව එම ස්ථානයට ගොස් සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සමග වෙඩි හුවමාරුවක් ඇතිව තිබෙන බවත් එහිදී ඊට මැදිවූ මාකඳුරේ මධුෂ් ජිවිතක්ෂයට පත්වූ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා විස්තර කළේය.


මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් දෙදෙනෙකුද වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත.

මෙම සෝදිසියේදී රුපියල් කෝටි 22ක් වටිනා හෙරොයින් මත්කුඩු කිලෝ 22ක්, පිස්තෝල දෙකක් සහ යතුරුපැදියක් පොලිසිය විසින් සොයාගත් බව දන්වා තබේ.

සිදුවීම සම්බන්ධයෙන් අද දින මහේස්ත්‍රාත් පරීක්ෂණයක් හා පශ්චාත් මරණ පරීක්ෂණයක්ද සිදුවන බව දන්වා ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි මාකඳුරේ මධුෂ් මිට දින කිහිපයකට පෙර කොළඹ අපරාධ කොට්ඨාශයට භාර කෙරුණු අතර එහිදී ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී කොටිකාවත්ත ප්‍රදේශයේ ගරාජයක සඟවා තිබු හෙරොයින් කිලෝග්‍රෑම් 10ක් ද මින් ඉහත සොයාගන්නා ලදි.

මාකඳුරේ මදුෂ් ඩුබායිහි සැඟව සිටියදී විශේෂ මෙහෙයුමක් මගින් අත්අඩංගුවට පත්වූයේ මීට කලකට ඉහතදීය. ප්‍රබල පාතාල නායකයෙකු වන ඔහුගේ මියයාම සමග අපරාධ රැසක රහස්ද වැළලී යනු ඇතැයි මත පළව තිබේ.