COVID-19 වසංගතයේ තෙවැනි රැල්ල ගැන කතා කරන මේ මොහොතේ, වසංගතය පාලනය කිරීම් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත පිහිටමින් ලෝකයේ බොහෝ රටවල් විවිධ මට්ටමින් මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ දේශීය වශයෙන් සිදු කරන අගුලු දැමීම් ක්‍රියාත්මක කරමින් සිටියි. විශේෂයෙන්ම සීත සෘතුව සමග වසංගතයේ ඉහළ වර්ධනයක් ගැන අනතුරු අඟවා ඇති පරිසරයක රටක හෝ යම් ප්‍රදේශයක ජීවත් වන ජනතාවගේම ආරක්ෂාව වෙනුවෙන් පනවා ඇති මෙම නීතිරිති කඩකරන පුද්ගලයන් වර්ග තුනක් ගැන බ්‍රිතාන්‍ය ජාතික මනෝ විදඥ මහාචාර්ය ෆෝ ෂෝර්ට් හැදිලි කරයි. වේල්සයේ, බැන්ගෝර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය
ෂෝර්ට් පෙන්වා දෙන්නේ, 'cOID-19 නීතිරිති තේරුම් නොගන්නා පුද්ගලයන්', 'ඒවා වැදගත් යැයි නොසිතන පුද්ගලයන්' සහ 'ඒවා තම සිතැඟි පරිදි පාලනය කිරීමට උත්සාහ කරන පුද්ගලයන් ලෙස ඔවුන් වර්ග කළ හැකි බවය. විශේෂයෙන්ම වසංගතය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේදී එක් මධ්‍යගත තොරතුරු සැපයීමේ නිවැරදි ක්‍රමවේදයක් අනුගමනය නොකොට, විවිධ අය. විවිධ මත පළ කිරීමට ගියොත්, මෙහි පළමු වැනි කාණ්ඩයේ පිරිස් වර්ධනය වීමට ඉඩ ඇති බව කියයි. එනම් නීතිරීති  මොනවාදැයි නොදන්නා අය වැඩි විය හැකිය. 

එසේම විවිධ උපක්‍රම හා නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිතයෙන් නිරන්තරයෙන් ජනතාව දැනුවත් නොකිරිමද මෙවැනි පිරිස් ඇති වීමට හේතු විය හැකිය. එසේම යමෙකුට මෙම වසංගතය සම්බන්ධයෙන් තවම පෞද්ගලික අත්දැකීමක් නොමැති නිසා, එය වැදගත් යැයි ඔවුන් නොසිතයි. ඒ නිසාම එහි වැදගත්කම අවම කිරිමට මෙහි දෙවැනි කාණ්ඩයේ පිරිස කටයුතු කරයි.

"ඔබගේ පවුලේ සාමාජිකයන් කිසිවෙකුට වෛරසය වැලඳුණේ නැත්නම්, ඔබ ඒ සමග සම්බන්ධ නොවුණේ නම්, වෛරසයෙන් ඔබට දුරස් බවක් පෙන්වී. මොකද එය වෙනත් කෙනෙකුට සිදුවන දෙයක් නිසා. එවිට ඔබට ඔබේ මුඛ ආවරණය නිවැරදිව පැලඳ සිටීමට අමතක  වේවි. සමාජ දුරස්ථ බව අමතක වේවි. අත් සේදීම වැදගත් නැතිව යාවි. අවදානම ගැන නොසිතා හිතවතුන්ට ඇරයුම් කිරීමටත්, ඔවුන් සොයා යෑමටත් පෙලඹේවි. මහාචාර්ය ෂෝර්ට් පැහැදිලි කරයි. මෙහි තුන්වැනි කණ්ඩායම වන්නේ වසංගතයට බියෙන් මේ අවදානම ගැන නොසිතා සිටීමටත්, ඒ නීතිරීති තමන්ට අවශ්‍ය ලෙස පාලනය කිරිමට කටයුතු කරන පිරිසය. ඔවුන් වසංගතය හමුවේ වැඩි අවදානමක පසුවන පිරිසක් ලෙසද සැලකෙයි.

"මෙවැනි අනියත බියක් ඇතිකර ගත්විට, ඔවුන් ප්‍රවෘත්ති හිතාමතාම නොබලා සිටිනවා.

හරියට වැලියට ඔළුව. ගසාගත් පැස්බරුන් වගෙයි. නමුත් ඔවුන් බොහෝ දෙනකු වසංගතය ගැන නිවැරදි තොරතුරු නොදන්නා බැවින් මුහුණදීමට සිදු විය හැකි අවදානම වැඩියි." මෙවැනි තත්වයකදී අනවශ්‍ය කාංසාවක්ද මෙම පුද්ගලයන් තුළ ඇති විය හැකි අතර, අනාගත ලෝකය, ආර්ථිකය, මූල්‍ය තත්ත්වය පිළිබඳ ඔවුන් තුළ දැඩි කනස්සල්ල වර්ධනය විය හැකි බවද මහාචාර්ය ෂෝට් පැහැදිලි කරයි.  "ඔවුන් බොහෝවිට වෛරසය සමග සටන් කිරිමට යමෙකු සොයනවා. රජය හෝ පුද්ගලයෙකු ගැන වැඩි විශ්වාසයක් තබා සිටිනවා. නමුත් මේ වෛරසයට මුහුණුවරක් නෑ. ඊට එරෙහිව සටන් කිරීම පහසු දෙයක් නොවෙයි. මේ යථාර්ථය තේරුම් ගෙන කටයුතු කිරීම මේ අවස්ථාවේදී වැදගත් වෙනවා. මහාචාර්ය ෂෝර්ට්  වැඩිදුරටත් පවසයි.