ගාල්ල, කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි කොළඹ නැව් තටාංගනයේ සේවය කරන සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවිමෙන් පසු ඔහු අද (19) දිවුලපිටිය රෝහල වෙත පිටත්කර යැවිමට කටයුතු කළ බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි පවසයි.
මෙකි පුද්ගලයා කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක් වන අතර ඔහු දිනපතා අම්බලන්ගොඩ සිට කොළඹ බලා සාගරිකා දුම්රියෙන් ගමන් කරන අයෙකු බවයි ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ පවසයි.
මෙම පුද්ගලයා ඉකුත් 16 වෙනිදා රාත්‍රියේ දී නිවසට පැමිණ ඇති අතර පසුව ඊයේ (18) උදැසන PCR පරික්ෂණය සදහා ජෛව සාම්පල් ඇල්පිටිය රෝහලට ලබාදි ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි සඳහන් කළේය.
අද දින එම පි. සි.ආර් පරික්ෂණ වාර්තාව ලැබුණු බවත්, ඒ අනුව මොහුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවද වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි සඳහන් කළේය. ඒ අනුව මෙකි සේවකයාගේ බිරිද, දරුවන් දෙදෙනා හා මොවුන් පදිංචි යාබද නිවසේ පදිංචි මව සහ පියා නිරෝධායනයට ලක්කොට ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි වැඩිදුරටත් සදහන් කළේය.

Comments
Post a Comment
Your comment will be visible after approval