
6.10 pm Update
අද උදෑසන දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් එළඹෙන
27 වනදා දක්වා දින 8ක් රිමාන්ඩ් බන්ධනාගාරගතකිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙයි.
පසුගිය මහ මැතිවරණ සමයේ පුත්තලමේ සිට මන්නාරමට අවතැන් වූ පුද්ගලයින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රවාහනය කිරීම නිසා රාජ්‍ය මුදල් අවභාවිතය හා පොදු දේපොළ පනත යටතේ ගැනෙන වැරදි සිදු කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.
---------------------------------------------------
8 am update
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) මගින් අද(19) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ , දෙහිවල ප්‍රදේශයේදීය.
පසුගිය මහ මැතිවරණ සමයේ පුත්තලමේ සිට මන්නාරමට අවතැන් වූ පුද්ගලයින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රවාහනය කිරීම නිසා රාජ්‍ය මුදල් අවභාවිතය හා පොදු දේපොළ පනත යටතේ ගැනෙන වැරදි සිදු කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.
දින 06 ක කාලයක් සැඟව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා දෙහිවල ප්‍රදේශයේ සැඟවී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval