
නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල සිට පැමිණත නීතිඥවරුන් ඇතුළු සියලු පාර්ශ්ව නඩු කටයුතු සඳහා කොළඹ අලූත්කඩේ, උපරීමාධිකරණ සංකීර්ණයේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණ කාර්යාල පරිශ්‍රයට පැමිණීමෙන් වළකින්නයි ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරි ප්‍රදීප් මහමුතුගල මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ඒ අනුව රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ඇඳිරි නීතිය පවතින පෙදෙස්වල සිට පැමිණෙන නීතිඥවරුන් අලුතින් නඩු ගොනු කිරීමට, නඩු පරිශීලනය, මෝසම් ගොනු කිරීමට, සහතික කළ පිටපත් ලබා ගැනීමට හෝ වෙනත් කටයුතු සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ කාර්යාලය පරිශ්‍රයට ඇතුළුවීමෙන් වළකින්නැයි ද ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා ඉල්ලා සිටි.
එසේම අනෙකුත් විවිධ පාර්ශ්ව ද එම නඩු කටයුතු සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය කාර්යාලයට නොපැමිණන ලෙස ද ඔහු දන්වා සිටී. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරයාගේ විශේෂ නිවේදනය උපරිමාධිකරණ සංකීර්ණයේ ඉදිරිපස ප්‍රධාන දොරටුවේ මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණ කාර්යාලය පියවර ගෙන ඇත. මෙය නිරෝධාන ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය දක්වා වලංගු වන බව ද ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී කාර්යාලය කියා සිටී.
-තිළිණ ද සිල්වා-
Comments
Post a Comment
Your comment will be visible after approval