මහනුවර නගරයට ආසන්න පෞද්ගලික රෝහලක රසායනාගාරයකින් පිසීආර් පරික්ෂණයක් සිදු කරගත් මුරුතලාවේ පදිංචි පෞද්ගලික දුරකථන සමාගමක සේවයේ නියුතු 25 හැවිරිදි තරුණයාට කොරෝනා වසංගතය ආසාදිත වී නැති බවට එම රෝහලේ රසායනාගාරය මගින් දෙවන වරට ලබාදී ඇති පරික්ෂණ වාර්තාවෙන් පසු ලග්ගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියා දික්වැල්ල නිරෝධායන මධ්‍යස්ථානයකට යවා තිබේ.


පෞද්ගලික රෝහලේ රසායනාගාරය මගින් දෙවැනි වර සිදුකරනු ලැබූ පීසීආර් පරික්ෂණයේ දී අදාළ රෝගියා කෝවිඩ් වෛරසය ආසාදිත වී නැති බවට තහවුරුවීමෙන් පසු අදාළ පුද්ගලික රෝහල මගින් ඒ සම්බන්ධව පේරාදෙණිය  පොලිසියට ද දන්වා තිබේ.  ප්‍රථම පීසීආර් පරික්ෂණයේ දී මුරුතලාවේ තරුණයාට කොව්ඩි වෛරසය ආසාදිත වී තිබෙන බවට පෞද්ගලික රෝහලේ රසායනාගාරයෙන් නිකුත් කළ වාර්තාවෙන් පසු ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරින් අදාළ තරුණයා  වහාම ලග්ගල කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබන  රෝහලට යවා ඇත. 

පෞද්ගලික රෝහලේ රසායනාගාරය මගින් රෝගියා පරීක්ෂා කර බලා පීසීආර් පරික්ෂණ වාර්තාව වැරදි එකක් බවට  රෝහල් බලධාරින් විසින් පේරාදෙණිය  පොලිසියට ද දැනුම් දීමෙන් පසු අදාළ රෝගියා දින 14 ක නිරෝධායනයට යැවීමට සෞඛ්‍ය ප නිලධාරින් පියවර ගෙන තිබේ.  පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. චන්දන බස්නායක මහතා සිද්ධිය පිළිබඳ පරික්ෂණ පවත්වයි.


-ජේ.ඒ.එල්.ජයසිංහ-