ගම්පහ දිස්ත්‍රික්කයට සහ කොළඹ උතුර කොට්ඨාසයේ පොලිස් බල ප්‍රදේශ පහකට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් ජනතාවට අවශ්‍ය තොරතුරු, උපදෙස් ලබා ගැනීමට හා සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිවු දෙනකු පත්කර ඇතී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මඟතා පැවසීය.  මෙම ප්‍රදේශවල කර්මාන්ත පවත්වාගෙන යාම, ඇඳිරි නීති බලපත්‍ර ලබා ගැනීම ආදී කටයුතු වෙනුවෙන් ජනතාව නිරන්තරයෙන් තොරතුරු විමසන බවත් ඒ ගැන
සැලකිල්ලට ගෙන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉහත නිලධාරීන් සිවු දෙනා පත්කරනු ලැබ සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය. 

කැලණිය කොට්ඨාසයේ තොරතුරු ලබා ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්. කේ.ආර්.ඒ. කුලරත්න (0718591605), ගම්පහ පොලිස් කොට්ඨාසය තුළ තොරතුරු ලබා ගැනීම සඳහා සහකාර පොලිස් අධිකාරි තුසිත කුමාර (0718591610), මීගමුව පොලිස් කොට්ඨාසය තුළ අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා සහකාර පොලිස් අධිකාරී පාලිත අමරතුංග (0718591632), කොළඹ උතුර පොලිස් කොට්ඨාසයේ පොලිස් බල ප්‍රදේශ 5 සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට පොලිස් අධිකාරි ෙනරන්ජන් අභයවර්ධන  0718591574 යන මහත්වරුන් අමතා අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි බව ද අජිත් රෝහණ මහතා සඳහන් කළේය. මෙම ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල කර්මාන්ත ශාලා පවත්වාගෙන යාම, ඉදිරි නීති බලපත්‍ර නිකුත් කිරීම, විවාහ උත්සව කටයුතු ආදිය සම්බන්ධයෙන් ඉහත නිලධාරින් අමතා අවශ්‍ය තොරතුරු හා උපදෙස් ලබා ගත හැකි බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

 -ඉන්දිකා රාමනායක-