රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් සමගි ජන බලවේග සන්ධානයෙන් නෙරපා හරින ලෙස සමගි ජන බලවේගයේ (එස්.ජේ.බී.) සාමාජිකයින් එහි නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා තිබේ.
සන්ධානගත පක්ෂයේ මතයට පිටුපාමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රස් යන පක්ෂ වල සහාය ඊයේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට ලැබී ඇති අතර එහි නායකයින් වන රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් උපායශීලී ලෙස විපක්ෂව ඡන්දය පාවිච්චි කර ගෝලබාලයින් අනෙක් පැත්තට යොදවා ඇතැයිද චෝදනා කර තිබේ.
එස්එල්එම්සී මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර ඒසීඑම්සී හි 2 දෙනෙක් ද රජයට සහයෝගය දැක්වූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හා හකීම් සහ බදියුදීන් ගේ පක්ෂ අත්හිටුවීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට සියලු පක්ෂ සාමාජිකයින් අද රැස්වන බවයි.
සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද සන්ධානගත පක්ෂය ඊයේ ප්‍රකාශ කර තිබුණි.

Comments
Post a Comment
Your comment will be visible after approval