සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු සහ  මත්කුඩු ජාවාරම්කරුවකු වශයෙන් හැඳින්වෙන බිලුමැන්ඩල් සංඛ නමැත්තාගේ බිරිඳ සහ ඔහුගේ ඥාති පුතෙක් රුපියල් ලක්ෂ 20ක මුදල්  සහ හෙරොයින් සමග ඊයේ (25) පෑලියගොඩ ඔලියමුල්ල හන්දියේ දී කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට
ගනු ලැබූ බව පොලිසිය කියයි.

සැකකාරිය තවත් පුද්ගලයකු සමඟ සුඛෝපභෝගී ජිප් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලීසිය එම රථය ලුහුබැඳ ඔලියමුල්ල හංදියේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රියැදුරු මෝටර් රථයෙන් බැස පලාගොස් ඇත.

රථයේ සිටි බ්ලූමැන්ඩල් සංබගේ බිරිඳ වන කාත්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර

ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර මුදලින්  60,000 කට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත. සැකකාරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරිමේ දී හෙළි වූ තොරතුරු මත හේනමුල්ල මහල් නිවාස සංකීර්ණයේ නිවසක් වටලා සෝදිසි කිරීමේ දී  එම නිවසේ සිටි පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 20 ට ආසන්න මුදලක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මොහු බ්ලූමැන්ඩල් සංඛගේ ඥාති පුතෙකු බව ද බවද පොලිසිය පවසයි. 

මෙම මුදල හෙරොයින් ජාවාරමෙන් උපයාගෙන ඇති බවට පොලීසිය සැකකරයි. සැකකාරියගේ ගිණුමේ පසුගිය මාස කිහිපය තුළ ලක්ෂ 200කට අධික මුදලක් හුවමාරු වී ඇති බවත් ඒවා මත්කුඩු ජාවාරමෙත් උපයාගත් ඒවා බවටත් පොලිසිය සැකකරයි.

සැකකරු සහ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතව ඇත. 

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ, කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතාගේ උපදෙස් මත, කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ක්ලින්ටන් ද සිල්වා මහතාගේ මහෙයවීමෙන්, පොලිස් පරික්ෂකවරු වත රණවීර, සම්පත්, සැරයන්වරුන් වන අධිකාරි (38636), ධර්මසිරි (33507), කොස්තාපල්වරුන් වන කුමාර (82159), ප්‍රනාන්දු (85816), අබේරත්න (88753) යන මහත්වරුන් විසින් මෙම වැටලීම සිදුකර සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගත්හ.

- ඉන්දිකා රාමනායක -