හබරණ සංචාරක හෝටලයක සේවය කරන සේවිකාවකගේ සිරුර පිහිනුම් තටාකයේ පාවෙමින් තිබී පෙරේදා (24) හමුවූ බව හබරණ පොලිසිය පවසයි. හෝටලයේ නාන තටාකයේ පාවෙමින් තිබූ සිරුර දුටු විගස සිද්ධිය පිළිබඳව හබරණ පොලිසිය දැනුවත් කර ඇත.
ඇයට හෘදයාබාධයක් එක්වරම වැළඳී මේ ආකරයට පිහිනුම් තටාකයට වැටී ඇති බවට ආරංචි තිබේ.
ඉශාරා රවිහාරි රාජපක්ෂ (30) නමැති මෙම සේවිකාව වත්තල, හැඳල ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරිම සඳහා මෘත දේහය ඊයේ (25) දඹුල්ල මූලික රෝහලට යොමුකළ බව ප්‍ර.පො.ප. එන්.පී. එස්. ජයලත් මහතා පැවසීය. සිද්ධිය පිළිබඳ ඉදිරි පරික්ෂණ කටයුතු ප්‍ර. පො.ප. එන්.පී.එස්. ජයලත් මහතාගේ අධීක්ෂණය යටතේ පො.ප. පී.පී.එස්. රත්නායක මහතා සිදුකරගෙන යයි.
-හබරණ සංජය මදුශාන්-

Comments
Post a Comment
Your comment will be visible after approval