කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ළමයින් 7 දෙනෙක් කොවිඩ් – 19 වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙන බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.
ඔහු තවදුරටත් පැවසුවේ, ළමුන් සමග සිටින මව්වරු තිදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවය.
ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකිර්ණයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජි.විජේසුරිය මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අතර රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි වයස අවුරුදු 2ක දැරියකට සහ ඇයගේ මවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය ඔක්තෝබර් 20 වන දින හඳුනාගැනුණි.
රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවසුවේ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි එම දැරියගේ පියා ද ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති බවය.

Comments
Post a Comment
Your comment will be visible after approval