ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය ඇතුළු කොළඹ අධිකරණ කලාපයේ ඇති සියලුම අධිකරණවල කටයුතු ඇඳිරි නීතීය ඉවත් කරන තුරු අත්හිටුවීමට පියවර ගෙන ඇත. 

කොරෝනා වයිරසය පැතිරීමේ අවදානම් තත්වයක් හේතූවෙන් කෙසෙල්වත්ත පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවා ඇති බැවින් මෙම පියවර ගෙන ඇත.

මේ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට අමතරව වාණිජ මහාධිකරණ,

සිවිල් අභියාචන මහාධිකරණය, පළාත්බද මහාධිකරණ, දිසා අධිකරණ සහ මහෙස්ත්‍රාත් අධිකරණවල කටයුතු  ඇඳිරි නීතිය ඉචත් කරන තුරු අත්හිටුවීමට පියවර ගෙන ඇත.

මේ අතර අතිශය හදිසි නඩු කටයුතු පමණක් කැඳවන්නැයි නීතීඥවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු පිළිබඳ සලකා බැලීමට අධිකරණ නිලධාරීන් තීරණය කොට ඇත.

අදාළ නඩුවේ හදිසි තත්ත්වය පිළිබඳ නීතිඥවරුන් අධිකරණ ලේඛකාධිකාරීවරුන්ට දැනුම් දුන් පසු ඒ බව විනිසුරුවරුන්ට දැනුම් දී විනිසුරුවරුන්ගේ උපදෙස් මත කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගත්තා බව අදාළ අධිකරණයන්හි දැන්වීම් ප්‍රදර්ශනය කොට ඇත. 

ඇඳිරි නීති තත්ත්වය ඉවත් කරන තුරුම මේ තත්ත්වය බලපැවැත්වෙන අතර මෙම දිනවලට නියමිත නඩු යළි කැඳවන දිනයන් අධිකරණ දැන්වීම් පුවරුවල පළකොට දැනුම් දීමට පියවර ගන්නා බවද වාර්තා වේ.

(මනෝප්‍රිය ගුණසෙකර)