තැන් තැන්වල කොරෝනා උප පොකුරු නිර්මාණයවීමේ විශාල තර්ජනයකට ශ්‍රී ලංකාව මේ  වන විට මුහුණ පා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඊයේ (20) පැවසීය.

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාරිතා වූ ආසාදිතයින් පොකුරෙන් පසු කඳාන ලෙකෝ ආයතනය, මතුගම අගලවත්ත ප්‍රදේශය, කුලියාපිටිය ප්‍රදේශය, කොළඹ නැව් තටාකාංගනය යන ප්‍රදේශවලින් කුඩා පොකුරු මෙන්ම පෑලියගොඩ ප්‍රදේශයෙන් විශාල පොකුරක් ද නිර්මාණය වූ බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.


රට පුරා ප්‍රදේශවලින් රෝගීන් 20, 30 පමණ ප්‍රමාණයන්ගෙන් යුත් ආසාදිත පොකුරු වාර්තා වෙමින් තිබෙන බව කී වෛද්‍යවරයා මෙම තත්වය සෞඛ්‍ය අංශවල පාලනයෙන් ගිලිහෙන්නට නොදී පවත්වාගත යුතු බව ද ප්‍රකාශ කළේය.  බස්නාහිර පළාතම ආවරණය වන පරිදි අද (30) සිට දින කිහිපයක් ඇඳිරි නීතියක් ප්‍රකාශ කර

තිබෙන්නේත් එම අරමුණෙන් බව කී හරිත අලුත්ගේ මහතා ජනතාවට යම් කාලයක් ලබා දෙමින් ඇඳිරි

නීතිය පනවන බව ප්‍රකාශ කිරීම අඩුපාඩුවක් බව ද කීවේය. එයින් ඇතැමුන්ට පළාතෙන් පිටට යාමට කාලයක් ලැබුණු බව කී අලුත්ගේ මහතා එසේ නොගිය අයගෙත් ගම්බිම් වෙත නොයන්නයි ඉල්ලා සිටින බව ද සඳහන් කළේය. 


(ඩයනා උදයංගනී)