මාතර නගරයේ ප්‍රසිද්ධ වෛද්‍යවරයකුගේ බිරියටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව පී.සී. ආර්. පරික්ෂණයේ දී පෙරේදා තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ඇයද මාතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෛද්‍යවරියකි.  එම වෛද්‍යවරයාගේ මතුගම පදිංචි නැගණියක් කොරෝනා ආසාදිත තැනැත්තියක බව මීට පෙර හදුනා ගනු ලැබ සිටියාය. එම නැඟණිය අනුරාධපුරයේ වට වන්දනාවක ගොස් පැමිණි පසු එම වන්දනා බසයේ මතුගම පදිංචි රියැදුරු හා කොන්දොස්තරට ද කොරෝනා ආසාදනය වී තිබේ.  ආසාදිත නැගණිය ඉකුත් 10 වැනි දින වෛද්‍යවරයාගේ නිවසට පැමිණ ඉකුත් 14 වැනි දින මතුගම නිවසට පිටත්ව ගොස් ඇත.

ඇයට කොරෝනා ආසාදනය වීමෙන් පසුව වෛද්‍යවරයා ඔහුගේ බිරිය හා ෙස්විකාව ඒ  මොහොතේ දීම ස්වයං නිරෝධායනයට යොමු කරනු ලැබුහ. ඊට අමතරව වෛද්‍යවරයාගෙන් බෙහෙත් ගැනීමට පැමිණි දරු පවුල් කිහිපයක් ද

සිය නිවාසවල ස්වයං නීරෝධායනයට යොමු කරනු  ලැබූහ. ඒ අතර ගන්දර පොලීසියේ සැරයන්වරයකු ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයෝ ද වෙති.

උයන්වත්ත පවුල් කිහිපයකට අමතරව කාලිදාස පාරේ බෙහෙත් ගැනීමට පැමිණි පවුලක් ද ස්වයං නිරෝධායනයට ලක් කර ඇත. වෛද්‍යවරයාගේ නිවසේ සිට කිතුලේවෙල ප්‍රදේශයේ පන්සලකට දානය රැගෙන යාමට පැමිණි අයකු හා ත්‍රී රෝද රථයේ රියැදුරු ද ස්වයං නීරෝධායනයට යොමු කර තිබේ.‍

මෙම වෛද්‍යවරයාගේ පී.සී.ආර්. වාර්තාව  මෙතෙක් ලැබී නොමැති අතර ඔහුගෙන් හා ඔහුගේ වෛද්‍ය බිරියගෙන් පසුගිය 10 වැනිදා සිට ප්‍රතිකාර ලබා ගත් අය සෞඛ්‍ය අංශ සමග සම්බන්ධ වී අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙසට පොලීසිය ඉල්ලීමක් කරයි. එම සිද්ධියට අදාළව දැතට ස්වයං නීරෝධායනයට යොමු කර සිටින ආශ්‍රිතයගේ  පී.සී.ආර්. සාම්පල ලබා ගැනීමට නියමිතව තිබිණි.